මොනවද මේ ඕට්ස්?
බර වැඩි අයට විතරද මේක කන්න හොඳ? ඕට්ස් වල තියෙන ගුණ මොනාද? අපි අද මේ කියන්න හදන්නෙ ඕට්ස් කන ඔයාල ඕට්ස් ගැන නොදන්න අපූරු කාරණා ටිකක්. එක එක කාලෙට එක එක දේවල් ගුණයි කියල ට්‍රෙන්ඩ් වෙනවනෙ, කාලයක් ගියාම ඒවයෙ ඒ කියන තරම් දෙයක් නෑ කියල ඒ ට්‍රෙන්ඩ් එක නැති වෙලා යනව. හැබැයි මේ ඕට්ස් එහෙම ට්‍රෙන්ඩ් උනාට කවදාවත් ගුණ අඩු වෙන දෙයක් නෙවෙයි. ලංකාවට අළුත් උනාට ඕට්ස් කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ බටහිර රටවල ආහාරයට එකතු උන ගුණදායක ධාන්‍ය වර්ගයක්.
ඕට්ස් කියන්නෙ මොනවද?
ඇවෙනා සැටිවා (Avena Sativa) කියන ධාන්‍ය ගසෙන් ලබාගන්නා ධාන්‍ය වර්ගයක් ඕට්ස් කියන්නෙ. කැනඩාව, රුසියාව, ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රට වල ඕට්ස් නිෂ්පාදනය බහුල වශයෙන් සිද්ධ වෙනව. ඕට්ස් මුලින්ම ආහාරයට එකතු කරගෙන තියෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්. පැරණි රෝමානුවන් ඕට්ස් සලකල තියෙන්නෙ අශ්වයන්ට කෑමට දාන බොහොම පහත් කෑමක් හැටියට. අදටත් වාණිජමය වශයෙන් මිනිස් පරිභෝජනයට පමණක් ඕට්ස් නිපදවන්නෙ 5%ක් පමණ ප්‍රමාණයක්. ඕට්ස් කියන්නෙ බොහොම ඉක්මණින් පිළුණු වෙන්න බලන ධාන්‍ය වර්ගයක් නිසා වෙළඳපලට නිකුත් කරන්න කලින් නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා තමයි සාමාන්‍ය පරිභෝජනයට සුදුසු මට්ටමට සකසන්නෙ. මේ ක්‍රියාවලිය තුළදි ඕට්ස් වර්ග කීපයකට වෙන් කෙරෙනව. ඕට්ස් වල තියෙන ගුණ ප්‍රධාන වශයෙන්ම තන්තුමය ගුණයෙන් යුත් ඕට්ස් වලින් දෛනික ෆයිබර් අවශ්‍යතාවයෙන් 44%ක් සපිරෙනව. මීට අමතරව බී විටමින් වර්ග කීපයක්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් සහ පොටෑසියම් යන ඛණිජ වර්ගද ඕට්ස් වල යහමින් අඩංගුයි. හැබැයි මේ හැම දේකටම වඩා ඕට්ස් සෞඛ්‍යදායක ආහාරයක් කියල හඳුන්වන්න විශේෂ උන වෙනත් හේතුවක් තියෙනව. ඒ තමයි ඕට්ස් දිනපතා ආහාරයට එක් කරගැනීමෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහත හෙලෙන එක. මීට අමතරව රුධිරගත සීනි මට්ටම අඩු කිරීමටත් ඕට්ස් දායකත්වය ලබාදෙනව.
ඕට්ස් වලින් වැඩි වාසි ගන්නෙ මෙහෙමයි
අපි කතා කලානෙ ඕට්ස් වල තියෙන ගුණ ගැන. හැබැයි මේ ඕට්ස් වල ගුණයන්ගෙන් ඔබට ප්‍රයෝජනයක් වෙන්න නම් එහි නිසි පෝෂණය ඔබට ලැබෙන විදියට ආහාරයට එකතු කරගන්න ඔබ දැනුවත් වෙන්න ඕන. ඔබ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ හදවත් රෝගී අයෙක් නම් සම්පූර්ණ යොදය සහිත කිරි එක්ක ඕට්ස් කන එකෙන් වාසියක් ලබාගන්න බැහැ. ඒකට මේද රහිත කිරි පාවිච්චි කරන්න. ඒ වගේම හදවතට ගුණදායක නිවිති, අලිගැට පේර වැනි ආහාර සමඟ ඕට්ස් ආහාරයට එක් කරගැනීමෙන් වැඩි වාසි ලබාගන්න පුළුවන්.


hoda guna kemak ki danagathe dan
ReplyDeleteHoda lipiyak..👍👍👍👍
ReplyDelete👍
ReplyDelete