Wednesday, May 22, 2019
Wednesday, May 15, 2019
ඌව විජය භූම්
ඌව පළාත යන ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයට යාබදව පිහිටි සුන්දර භූම් භාගයකි. උතුරු දෙසින් ගත් කල ගිරාදුරුකොට්ටේ, මහියංගනය, මීගහකිවුල ආදී ප්‍රදේශයන් ද නැගෙනහිර දෙසින් ගත් කල මොනරාගල, වැල්ලවාය ආදී සහල් නිශ්පාදනාගාරයන්ද, දකුණු දෙසින් බණ්ඩාරවෙල, හපුතලේ ආදී සීතල කදුකයද බටහිර දෙසින් කලුපහන, හක්කල, ඕහිය ආදි ප්‍රදේශයන්ද ඌව පළාතේ මායිම් වේ. ඌව පළාත මොනරාගල දිස්ත්‍රික්කයේ වෙල්ලස්ස නම්වූ ලක්ෂ ගණනකින් සමන්විත ප්‍රදේශයන් ද, උක් සහ ඉරිගු වගා ප්‍රදේශයන් ද, මධ්‍යම කදුකරයට අයත් බණ්ඩාරවෙල හපුතලේ ආදී ප්‍රදේශයන් ගෙන්ද, අර්තාපල් සහ වෙනත් එළවලු වගා කරන වැලිමඩ ප්‍රදේශයෙන් ද සමන්විත පලාතකි. රටේ ප්‍රධාන දිය ඇලි රැසකින්ද, ජලාධාර මූලයන් රැසක්, ස්වාභාවික වනෝද්‍යාන රැසක් පිහිටි හොද භූවිද්‍යාත්මක පිහීටීමක් ඌව පළාත තුල පවතී. ඌව පළාත ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පළාතකි. රාමායනය සහ රාවණා කතා වස්තුවලට සම්බන්ධ රාවණා ඇල්ල, රාවනා රජුගේ ඔසු උයන හෙවත් හක්ගල, රාවනා ගුහාව, සීතා දේවිය පතිවෘතතා මහිමය පෙන්වූ දිවුරුම්වෙල රජමහා විහාරය, ස්ත්‍රිපුර උමං සංකීර්ණය ආදී ප්‍රදේශ පිහිටා ඇත්තේ ඌව පළාත තුලයි. තවද රාවනා රජ තම රාජධානිය බදුල්ල මූලික කරගන පැවතීයේ යැයි මතයක් පවතී.
Subscribe to:
Posts (Atom)
සොපීට බයේ තොවිල් නටන කන්දෙකුඹුර ගම
සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත වැලිමඩ ...
-
1. ග්‍රෙගරි වැව 1872 වර්ෂයේ මෙරට ආණ්ඩුකාර ධූරයට පත් සර් විලියම් ග්‍රෙගරි සිය පරිපාලන කටයුතු වෙනුවෙන් නුවරඑළිය තෝරාගත්තේ ය. ඔහු සැබවින්ම...
-
කොත්තු කියන්නෙ ෙ කල්ලො කොල්ලො ආසම කෑමක්. බඩ පිරෙන්න කන්න වගේම බයිට් එකට කන්නත් පුළුවන් නිසා ඒ ආසාව එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේම රොටි කො...










