Friday, June 28, 2019

පස්පියුමින් සුසැදි සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය

                                                                                                                                    පස්පියුමින් සුසැදි සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය   පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ද, ප්‍රදේශ පසෙකින් පස්පියුමින් සුසැදි විලකි. හිරු කිරණ වැදී බැබළෙන නිල්වන් දිය දහර ,විචිත්‍රවත් ය. රොන් බී මත්වූ බිඟුන්ගේ නද විල් තෙර පුරා සිසාරා යයි. බිම් ඇතිරුම් ගල්වලින් අලංකෘත වු උද්‍යානයට පිවිසීමට ඇති මාවත, මුළු උද්‍යානයටම අපූර්ව සුන්දරත්වයක් එක්කරමින් සිටී. ඈතින් පෙනෙන නිල්ල පිරි ගහකොළ, ස්වභාදම් මෑණියගේ අපූර්ව දායාදයක් බඳු ය. ගත සිත ප්‍රබෝධවත් කරමින් හමාඑන මදනළ, අව් රශ්මිය මදක් අවම කිරීමට සමත්ය. ශ්‍රී ලංකාවේ පස්වැනි උද්භිද උද්‍යානය ලෙස මීට වසරකට පෙර ඉතිහාසයට එක්වූ සීතාවක උද්භිද උද්‍යානය , පිවිසුම් දොරටුවේ සිටම මවන්නේ අපූර්ව චමත්කාරයකි.  ශ්‍රී ලංකාවේ පළමුවැනි උද්භිද උද්‍යානය වන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයයි. එය 1821 වසරේදී ආරම්භ විය. දෙවැන්න වන්නේ හග්ගල පිහිටි උද්භිද උද්‍යානයයි. එය 1861 වසරේදී ඇරැඹී ඇත. තෙවැන්න වන්නේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. එය 1876 වර්ෂයේ දී ආරම්භ කර තිබේ. මිරිජ්ජවිල පිහිටි සිව්වැනි උද්භිද උද්‍යානය ආරම්භ කරනු ලැබුවේ 2013 වසරේ දී ය. ඒ අනුව 2015 වසරේ මාර්තු 25 වැනි දින ඇරැඹූ සීතාවක පිහිටි තෙත් කලාපීය උද්භිද උද්‍යානය මෙරට පස්වැනි උද්භිද උද්‍යානය ලෙස සම්භාවනාවට පාත්‍රව ඇත.  මේ උද්භිද උද්‍යානය පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල, ඉළුක්ඕවිට ප්‍රදේශයේ ය. මෙහි බිම් ප්‍රමාණය හෙක්ටයාර 43(අක්කර 106ක්)කි. වසරේ දින 365 විවෘතව ඇති මේ උයන, සෑම දිනකම පෙ.ව.7.30 සිට ප.ව.5.00 දක්වා ඔබට සිරි අසිරි නැරැඹීමට විවෘතව ඇත. දේශීය වැඩිහිටි පුද්ගලයෙක්ගෙන්(වයස අවුරුදු 12 සිට 60 දක්වා) රු.50ක් ද , වයස අවුරුදු පහේ සිට 12 දක්වා ළමයි, අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සහ පාසල් දරුවන්ගෙන් අය කරන්නේ රු.10ක මුදලකි. විදෙස් වැඩිහිටි සංචාරකයන් මේ වෙනුවෙන් රු.1100ක් ද, ළමයකු රු.550ක් ද, විදෙස් සිසුන්ගෙන් රු. 825 මුදලක් ද අය කරනු ලබයි.  උද්‍යානයට ඇතුළු වන ස්ථානයේ පිහිටි කවුන්ටරයෙන් ටිකට්පතක් ලබා ගන්නා ඔබට, දවස පුරාම ගහකොළවල හරිත වර්ණය, සිසිලස විඳිමින් කල් ගෙවිය හැකි ය.ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවී ඉදිරියට යනවිට අවට සිරි නැරැඹීම සඳහා ස්ථානයක්(view point) ද, අංගසම්පූර්ණ ගිමන්හලක් ද, අවන්හලක් දක්නට ලැබේ. එසේ ම සනීපාරක්ෂක පහසුකම් ද මෙහි ඇත. මෙහි ඇති පරිසරයේ සුන්දරත්වය කෙබඳු ද යත්, අප යනවිට එහි මනරම් භූමි දසුන් පසුතල ලෙස යොදා ගනිමින් ප්‍රී ෂූට් කරන්නන් ද, මනාල මනාලියන්ගේ ඡායාරූපගත කරන්නන්ද, විලාසිතා සඳහා ඡායාරූප ගන්නා අය ද සුලභව දසුනක් විය.  ප්‍රවේශ ශාලාවෙන් එළියට බසින විටම ඔබට, එහි ඇති කුඩා වැව්වල හංස බෝට්ටු සවාරියේ යෙදෙන සංචාරකයන් සුලභ දසුනක් සේ දිස්විය හැකි ය. ගහකොළට, සතා සීපාවට පෙම් බඳින ඔබට, මේ උද්භිද උද්‍යානයට ඇතුළු වූවිට අලංකෘත මලින් ගැවසුණු බිම් ප්‍රදේශ , බොහෝ සේ දැක ගැනීමට පුළුවන. නිදහසේ සුව විඳිමින් මෙහි සැරැසරන ඔබට, මීවන උයන, තර්ජිත ශාක එකතුව, මධ්‍යම තෘණ පිටිය, තේ වගාව රුක් උයන, මුදුන් උයන, ඖෂධ උයන, රෝස උයන ආදී ස්ථාන නැරැඹීමේ අවකාශ හිමිවේ. මේ උද්භිද උද්‍යානය පිහිටා තිබෙන්නේ ඉඳිකඩමූකලාන වන රක්ෂිතය ආසන්නයේ ය. මෙය ද ශාකවලින් ගහන වන උයනක් බඳු ය. මෙහි මුදුන් උයනට පිවිසි විට ඕෂධ උයනක් ද, ‍රෝස උයනක් ද දැකිය හැකිය. විවිධ වර්ණයෙන්, විවිධ හැඩයෙන් යුතු රෝස මල් පිපී බබලන මේ රෝස උද්‍යානය, මේ උද්භිද උද්‍යානයට අපූර්ව චමත්කාරයක් එක් කරමින් සිටී.  අභියෝගයට ලක්ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තරවල ඇති වෘක්ෂලතා, අනාගත පරපුර වෙත සංරක්ෂණය කරදීමට සුරැකුම් මධ්‍යස්ථානයක් සැකසීම මෙවැනි උද්භිද උද්‍යානයක් ඇරැඹීමේ මූලිකම පරමාර්ථය වී තිබේ.මේ උද්‍යානයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය ආදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙස ද අතිශයින් ම වැදගත් ය. දිගුකාලීනව වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසින් ද මෙය අතිශයින් ම වැදගත් ය.  වැඩි ප්‍රසිද්ධියක් නැති සහ ඌන උපයෝජිත ශාක වර්ග දැක බලා ගැනීමටත්, ඖෂධීය ශාක කර්මාන්තයේ වර්ධනය සඳහාත්, තෙත් කලාපය තුළ උද්භිද විද්‍යාව හා මල් වගාව ප්‍රචලිත කිරීම සඳවත් වැදගත් වන මධ්‍යස්ථානයක් ලෙස ද මේ ස්ථානය මහජනතාවට සේවා සපයමින් ඇත.  තවමත් මේ උද්‍යානය මහ ජනතාවට නැරැලැබී ගතඹීමට අවකාශ ව ඇත්තේ වසරක පමණ කාලයකි.හෝ දේ දියුණු කරගෙන මේ උද්භිද උද්‍යානය දිගු ගම තව බොනක් යාමට සැරසෙමින් සිටී       









.

Wednesday, June 26, 2019

කොළඹ අවටින් රසට කොත්තු කන්න මේ තැන් ට්‍රයි කරලා බලන්න.

කොත්තු කියන්නෙ  ‍ෙකල්ලො කොල්ලො ආසම කෑමක්. බඩ පිරෙන්න කන්න වගේම බයිට් එකට කන්නත් පුළුවන් නිසා ඒ ආසාව එන්න එන්නම වැඩි වෙනවා. ඒ ව‌ගේම රොටි කොත්තු, ඉඳිආප්ප කොත්තු වගේම චීස් කොත්තු එක එක මසින් එකේක රසින් තියෙන නිසා සතියක් එක දිගට කෑවත් විවිධත්වයක් ඇතිව කන්න පුළුවන් වග අපි කවුරුත් දන්නවා. ඒ වුනත් සමහර තැන්වල කොත්තු අපිරිසිදු නිසා සමහරු පොඩ්ඩක් අවුලෙන් තමයි කොත්තුව කන්නෙ. අපි කියන්න යන්නෙ කොළඹ අවටින් රසට කොත්තු කන්න පුළුවන් තැන් ටිකක්. රස වගේම මහ විශාල අවන්හල්වල තියෙන අධික මිලත් නැති නිසා පිරිසිදුවට හිත පිරෙන්න පොකට් එකටත් වාසියට කොත්තු කන්න මේ තැන් ට්‍රයි කරලා බලන්න.





පැය විසිහතරම ඕපන් කරලා තියෙන ​මේ කඩේ තියෙන්නෙ ගාලු පාරෙ ඩර්ඩන්ස් රෝහල කිට්ටුවෙන්. කඩේ ළඟින් යද්දිම එයි සුවඳ. රෑට නම් කඩෙන් එලියෙත් මිනිස්සු වාඩි වෙලා කොත්තු කනවා දකින්න පුළුවන්. චීස් කොත්තු, පාලන්දි කොත්තු, මසාල කොත්තු, සැර වැඩියෙන්, සැර අඩුවෙන් එකේක රසින්. නියමෙට ටෙන්ඩර් වෙන්න හැදිච්ච රස මස් කෑලි කොත්තුවත් එක්ක නැතුව වෙනම කන්න පුළුවන් තරමට මැරිනේට් වෙලා. කොත්තුවත් එක්කම යන්න කෝක් එකක් ගත්තනං දිවට කොත්තුවෙ රස දෙගුණ වෙනවා දැනේවි. රස, පිරිසිදුකම, ලාභය, සර්විස් එක කියන හැම දේ ගැනම හිතද්දි ප්ලාසා තමයි කොළඹ තියෙන හොඳම කොත්තු කඩේ. ඩ්‍රින්ක් එකක් දාන්න හිතාගෙන අරන් යනවනං එයාල​ට කියලම කොත්තුව දැවිල්ලට දාගන්න.




රට හැම තැනම පිලාවුස් කඩ වැහිවැහැලා. නිවු/ග්‍රෑන්ඩ්/සුප්‍රීම් වගේ ප්‍රිෆික්ස් දාගෙන වැහිවැහැලා තියෙන පිලාවුස් කඩ අස්සෙන් අපි කියන පිලාවුස් එක හොයාගෙන යන එක ලේසියි. තියෙන්නෙ බම්බලපිටියෙ පොලිසිය ඉස්සරහා. මෙතනත් පැය විසිහතරම ඕපන්. එතන තියෙන චීස් මසාල කොත්තුවත් හරියට ටිපිටිප් වගේ වහවැටෙන කෑමක්. මතක ඇතුව චීස් මසාලා කොත්තුවෙ ඉඳිආප්ප වර්ෂන් එක ගන්න එපා. ක්‍රීම් එකක් තමයි කන්න වෙන්නෙ. රොටි කොත්තුව කෑවොත් ඔයාලා පාර්සල් කරගෙනත් කොත්තුවක් ගෙදර ගෙනියනවා ෂුවර්. ඒ වගේමයි සාමාන්‍ය රොටි කොත්තුවට දාන රොටියත්, සිහින්වට කපපු ඝනකම නැති රොටි කෑලි නිසා කොත්තුව ස්ලං ගාලා බඩේ. කටෙන් කටට මසාලා රස දිය කරලා බඩට යවන ගමන්ම දිව රීෆ්‍රෙෂ් කරගන්න කෝක් එකකුත් ළං කරගන්න.





තර්ස්ටන් එක ඉස්සරහ තියෙන රහීමා එක ප්‍රසිද්ධ ඒකෙ බිරියානි එකට. බිරියානි එක නැතත් එතන දෙන කොත්තුව කාපු මිනිහෙක් ආයෙ හැරෙනව බොරු. තෙල් බේරෙන තෙත කොත්තුවක්. රස වෑහෙනව. සුවඳත් නියමෙටම. කන්න කන්න ආසා හිතෙන අළු පාට පිඟානෙ නිල් පාට ටෙක්ස්චර් එකක් තියෙන රහීමා පිඟාන මතක් කරද්දිත් කටට කෙල උනනවා. හැබැයි වැරදිලාවත් රහීමා එකෙන් චීස් ‌කොත්තු කන්නෙපා. චීස් කෑලි දෙකක් විතරක් දාලා ගහපු පාණ්ඩු පාට කොත්තුවක් මේසෙට ඒවි. අපිට දීපු කොත්තුවෙ චීස් කෑලි දෙකක් දාලා ගහලා තව චීස් කෑලි දෙකක් උඩින් තියලා ගෙනත් දුන්නෙ හැන්දෙන් කොත්තු කකා අතින් චීස් කන්න වගේ. හැබැයි එහෙමයි කියලා රහීමා එකේ නෝමල් රොටි කොත්තුව කිසිම විදියකට අවතක්සේරු කරන්නෙපා. උකුවට තියෙන ග්‍රේවි එකත් වැටුනම ඉන්න පුළුවන් වෙනමම දිව්‍ය ලෝකෙක. ප්ලේස් එක රෑ 10.30ට වහනවා.




කට්ටිය මේක දන්නෙ ලේක් විවු නමින්. ඉස්සර තිබ්බෙ ගංගාරාමෙ කිට්ටුව. දැන් තියෙන්නෙ ශාන්ත බිෂොප් කන්‍යාරාමෙ ප්‍රධාන ගේට්ටුව පහු කරලා දකුණට හැරුනම. හොයාගන්න ලේසියි. කෑම ජාති ගොඩයි. රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, නූඩ්ල්ස්, ඉඳිආප්ප, පිට්ටු වගේ කෑම රෑට පිරිලා. ඒ හැම එකම රසයි. කොත්තුව සුවිශේෂයි. රහීමා කොත්තුව වගේම නියම තෙතට තියෙන, ලොකු පෝෂන් එකක් හම්බෙන, හොඳට කට දන කොත්තුවක්. චීස් කොත්තුව තමයි නියම. ඒකෙ තරං අමුතු රසක් ලොවෙත් නෑ. චීස් එක්ක කවලං වෙච්ච රෝස්ට් චිකන් කෑලි හැපෙද්දි නියම රසක් එනවා. රැවුල්කාර අයිතිකාර මහත්තය ඉන්න වෙලාවට ඇරෙන්න සර්විස් එක ගැනනං වැඩි ලකුණක් දෙන්න අමාරුයි. ඒ වගේම මෙයාලා ගාව ගොඩක් තැන්වල නැති පෝක් කොත්තුත් තියෙන එක මේ තැන ඉහළින්ම තියන්න හොඳ පොයින්ට් එකක්. මෙතන රෑ 11.30 වෙනකං ඕපන්.




තෝසෙ වලට අති ජනප්‍රිය රහුමානියා එකට අල්ලපු වැටේ තියෙන මේ කඩේ බිරියානි සහ කොත්තු කියන දෙකටම වගේම අන්තිමට කන්න පුළුවන් වටලප්පමටත් ප්‍රසිද්ධයි. ඒ කොහොම වුනත් කටට රසට කන්න පුළුවන් කොත්තුවක් විදියටත්, සර්විස් එක නියමෙට ලැබෙන නිසාත්, කොත්තුවෙ මස් හම්බෙච්ච මිනිහට සතුටට පපුවෙ අමාරු හැදෙන තත්ත්වයක් නැතුව කටෙන් කටට මස හැපෙන නිසාත් සුල්තාන්ස් පැලස් කියන්නෙ කොළඹ කොත්තු කන්න නියම කඩයක්. කඩේ රෑ දොළහෙන් පස්සෙ වහනවා. ඒ වගේම වෙජිටේරියන් යාළුවෙක් ඉන්නවනං රහුමානියා එකට එයාව යවලා වීදුරු කෑල්ලෙන් මූණට මූණ බලාගෙන කන්නත් පුළුවන්. අන්න ඔප්ෂන්ස්!


Tuesday, June 25, 2019

නුවරඑළියේ සංචාරය කරන ඔබ යා යුතුම ස්ථාන.

1. ග්‍රෙගරි වැව

1872 වර්ෂයේ මෙරට ආණ්ඩුකාර ධූරයට පත් සර් විලියම් ග්‍රෙගරි සිය පරිපාලන කටයුතු වෙනුවෙන් නුවරඑළිය තෝරාගත්තේ ය. ඔහු සැබවින්ම කලාවට හිතැති සෞන්දර්යවාදියෙකු විය. බෙහෙවින් පරිසරයට ඇළුම් කල අයෙක් විය. සිය ස්ථිර වාසස්ථානය වශයෙන් නුවරඑළිය නගරය තෝරාගත් හෙතෙම නගර අලංකරණයට දැක්වූයේ මහත් ඇල්මකි. ඒ පිළිබඳව විදේශිකයන් ද ඔහුව ඇගයීමට ලක් කල අතර සිය හිතවතුන් නගරයට පැමිණෙන බැවින් සිය නගර අලංකරණය වඩාත් විධිමත් කිරීමටද ඔහු කටයුතු කළේය. සුන්දර ග්‍රෙගරි වැව නිර්මාණයටඅවශ්‍ය හේතු සාධක නිර්මාණය වූයේ මෙම පදනම 

2. සීතා අම්මාන් කෝවිල

 සීතා අම්මාන් කෝවිල හක්ගල උද්භිද උද්‍යානයේ සිට කිලෝ මීටර 1 පමණ දුරින් පිහිටා තිබෙන සීතා එලිය ප්‍රදේශයෙහි ඉදිකොට තිබෙයි. රාමායනය පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි රාවණා රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි පැවසෙන ස්ථානයෙහි මෙම කෝවිල ඉදිකර ඇතැයි විශ්වාස කෙරෙයි.

3. Moon Plains (සඳ තැන්න)


නුවර එලිය දිස්ත්‍රික්කයේ නගරයේ සිට කි මි දුරකින් පිහිට ඇති මේ සුන්දර පරිසරය මහජනතාවට මීට වසරකට පෙර සිට විවෘත පවතී. එමෙන්ම ඉතාමත් සුන්දර පරිසරයකට හිමිකම් කියන මේ ප්‍රදේශය එම ස්ථානයේ ඇති රථ වාහන වලින් පමණක් ගමන් කිරීමට ඇති අතර පිට වාහන ඇතුළු කිරීම තහනම් කර ඇත්තේ එම පරිසරය ආරක්ෂා කරගැනීම සඳහායි

4. බෝඹුරු ඇල්ල (පේරවැල්ල ඇල්ල)

බෝඹුරු ඇල්ල, (පේරවැල්ල ඇල්ල), යනු ශ්‍රී ලංකාවේ ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැලකේ. 

 5 .හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය

මහ එළිය හෙවත් හෝටන් තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. ලෝකාන්තය සොයා යන ‍කෙනෙකුට අප රටෙ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර තැනි තලාවක් හමු වෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය වනාහි හෝටන් තැන්නයි.

සොපීට බයේ තොවිල් නටන කන්දෙකුඹුර ගම

     සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත වැලිමඩ ...