පස්පියුමින් සුසැදි සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ද, ප්‍රදේශ පසෙකින් පස්පියුමින් සුසැදි විලකි. හිරු කිරණ වැදී බැබළෙන නිල්වන් දිය දහර ,විචිත්‍රවත් ය. රොන් බී මත්වූ බිඟුන්ගේ නද විල් තෙර පුරා සිසාරා යයි. බිම් ඇතිරුම් ගල්වලින් අලංකෘත වු උද්‍යානයට පිවිසීමට ඇති මාවත, මුළු උද්‍යානයටම අපූර්ව සුන්දරත්වයක් එක්කරමින් සිටී. ඈතින් පෙනෙන නිල්ල පිරි ගහකොළ, ස්වභාදම් මෑණියගේ අපූර්ව දායාදයක් බඳු ය. ගත සිත ප්‍රබෝධවත් කරමින් හමාඑන මදනළ, අව් රශ්මිය මදක් අවම කිරීමට සමත්ය. ශ්‍රී ලංකාවේ පස්වැනි උද්භිද උද්‍යානය ලෙස මීට වසරකට පෙර ඉතිහාසයට එක්වූ සීතාවක උද්භිද උද්‍යානය , පිවිසුම් දොරටුවේ සිටම මවන්නේ අපූර්ව චමත්කාරයකි. ශ්‍රී ලංකාවේ පළමුවැනි උද්භිද උද්‍යානය වන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයයි. එය 1821 වසරේදී ආරම්භ විය. දෙවැන්න වන්නේ හග්ගල පිහිටි උද්භිද උද්‍යානයයි. එය 1861 වසරේදී ඇරැඹී ඇත. තෙවැන්න වන්නේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. එය 1876 වර්ෂයේ දී ආරම්භ කර තිබේ. මිරිජ්ජවිල පිහිටි සිව්වැනි උද්භිද උද්‍යානය ආරම්භ කරනු ලැබුවේ 2013 වසරේ දී ය. ඒ අනුව 2015 වසරේ මාර්තු 25 වැනි දින ඇරැඹූ සීතාවක පිහිටි තෙත් කලාපීය උද්භිද උද්‍යානය මෙරට පස්වැනි උද්භිද උද්‍යානය ලෙස සම්භාවනාවට පාත්‍රව ඇත. මේ උද්භිද උද්‍යානය පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල, ඉළුක්ඕවිට ප්‍රදේශයේ ය. මෙහි බිම් ප්‍රමාණය හෙක්ටයාර 43(අක්කර 106ක්)කි. වසරේ දින 365 විවෘතව ඇති මේ උයන, සෑම දිනකම පෙ.ව.7.30 සිට ප.ව.5.00 දක්වා ඔබට සිරි අසිරි නැරැඹීමට විවෘතව ඇත. දේශීය වැඩිහිටි පුද්ගලයෙක්ගෙන්(වයස අවුරුදු 12 සිට 60 දක්වා) රු.50ක් ද , වයස අවුරුදු පහේ සිට 12 දක්වා ළමයි, අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සහ පාසල් දරුවන්ගෙන් අය කරන්නේ රු.10ක මුදලකි. විදෙස් වැඩිහිටි සංචාරකයන් මේ වෙනුවෙන් රු.1100ක් ද, ළමයකු රු.550ක් ද, විදෙස් සිසුන්ගෙන් රු. 825 මුදලක් ද අය කරනු ලබයි. උද්‍යානයට ඇතුළු වන ස්ථානයේ පිහිටි කවුන්ටරයෙන් ටිකට්පතක් ලබා ගන්නා ඔබට, දවස පුරාම ගහකොළවල හරිත වර්ණය, සිසිලස විඳිමින් කල් ගෙවිය හැකි ය.ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවී ඉදිරියට යනවිට අවට සිරි නැරැඹීම සඳහා ස්ථානයක්(view point) ද, අංගසම්පූර්ණ ගිමන්හලක් ද, අවන්හලක් දක්නට ලැබේ. එසේ ම සනීපාරක්ෂක පහසුකම් ද මෙහි ඇත. මෙහි ඇති පරිසරයේ සුන්දරත්වය කෙබඳු ද යත්, අප යනවිට එහි මනරම් භූමි දසුන් පසුතල ලෙස යොදා ගනිමින් ප්‍රී ෂූට් කරන්නන් ද, මනාල මනාලියන්ගේ ඡායාරූපගත කරන්නන්ද, විලාසිතා සඳහා ඡායාරූප ගන්නා අය ද සුලභව දසුනක් විය. ප්‍රවේශ ශාලාවෙන් එළියට බසින විටම ඔබට, එහි ඇති කුඩා වැව්වල හංස බෝට්ටු සවාරියේ යෙදෙන සංචාරකයන් සුලභ දසුනක් සේ දිස්විය හැකි ය. ගහකොළට, සතා සීපාවට පෙම් බඳින ඔබට, මේ උද්භිද උද්‍යානයට ඇතුළු වූවිට අලංකෘත මලින් ගැවසුණු බිම් ප්‍රදේශ , බොහෝ සේ දැක ගැනීමට පුළුවන. නිදහසේ සුව විඳිමින් මෙහි සැරැසරන ඔබට, මීවන උයන, තර්ජිත ශාක එකතුව, මධ්‍යම තෘණ පිටිය, තේ වගාව රුක් උයන, මුදුන් උයන, ඖෂධ උයන, රෝස උයන ආදී ස්ථාන නැරැඹීමේ අවකාශ හිමිවේ. මේ උද්භිද උද්‍යානය පිහිටා තිබෙන්නේ ඉඳිකඩමූකලාන වන රක්ෂිතය ආසන්නයේ ය. මෙය ද ශාකවලින් ගහන වන උයනක් බඳු ය. මෙහි මුදුන් උයනට පිවිසි විට ඕෂධ උයනක් ද, රෝස උයනක් ද දැකිය හැකිය. විවිධ වර්ණයෙන්, විවිධ හැඩයෙන් යුතු රෝස මල් පිපී බබලන මේ රෝස උද්‍යානය, මේ උද්භිද උද්‍යානයට අපූර්ව චමත්කාරයක් එක් කරමින් සිටී. අභියෝගයට ලක්ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තරවල ඇති වෘක්ෂලතා, අනාගත පරපුර වෙත සංරක්ෂණය කරදීමට සුරැකුම් මධ්‍යස්ථානයක් සැකසීම මෙවැනි උද්භිද උද්‍යානයක් ඇරැඹීමේ මූලිකම පරමාර්ථය වී තිබේ.මේ උද්‍යානයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය ආදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙස ද අතිශයින් ම වැදගත් ය. දිගුකාලීනව වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසින් ද මෙය අතිශයින් ම වැදගත් ය. වැඩි ප්‍රසිද්ධියක් නැති සහ ඌන උපයෝජිත ශාක වර්ග දැක බලා ගැනීමටත්, ඖෂධීය ශාක කර්මාන්තයේ වර්ධනය සඳහාත්, තෙත් කලාපය තුළ උද්භිද විද්‍යාව හා මල් වගාව ප්‍රචලිත කිරීම සඳවත් වැදගත් වන මධ්‍යස්ථානයක් ලෙස ද මේ ස්ථානය මහජනතාවට සේවා සපයමින් ඇත. තවමත් මේ උද්‍යානය මහ ජනතාවට නැරැලැබී ගතඹීමට අවකාශ ව ඇත්තේ වසරක පමණ කාලයකි.හෝ දේ දියුණු කරගෙන මේ උද්භිද උද්‍යානය දිගු ගම තව බොනක් යාමට සැරසෙමින් සිටී




.
wedagath
ReplyDeletenice
ReplyDelete👍
ReplyDelete